O/L Japanese short notes
ජපන් භාෂාවට අත්වැලක් ✊
こはるといっしょに ( Koharu to Isshoni )
🧩 නිපාත ( じょし )
01. mo නිපාතය
සිංහල භාෂාවේ "ත්" යන්නට සමාන වේ. ( also, too )
eg : enpitsu mo pen mo arimasu.
පැන්සලුත් පෑනුත් තියෙනවා.
02. to නිපාතය
ⅰ. සහ, සමඟ යන අදහසින් භාවිත වේ.
eg : haha to isshoni kaimono ni ikimasu.
අම්මා සමඟ බඩු මිලදී ගන්න යනවා.
ⅰⅰ. 'විට' යන අදහසින් භාවිත වේ.
eg : haru ni naru to sakura ga sakimasu.
වසන්තය පැමිණි විට සකුරා මල් පිපෙනවා.
03. e නිපාතය
'へ - එ' නිපාතය ikimasu, kimasu, kaerimasu යන ක්‍රියා පද තුන සමඟ පමණක් වාක්‍යය සම්බන්ධ කිරීමට යොදා ගනී.
eg : watashi wa gakkō e ikimasu
මම පාසලට යනවා
04. de නිපාතය
යම් කිසි දෙයක් ආධාරයෙන් යමක් කරනවා යන්න දැක්වීමට යොදා ගනී.
eg : te de goha wo tabemasu
අතින් බත් කනවා
eg : uchi de tabemasu
නිවසේදී කෑම කනවා
04. wo නිපාතය
යනවා, එනවා, ආපසු එනවා යන මූලික ක්‍රියාපද හැර අනික් සියලුම ක්‍රියා පද වාක්‍ය වලට සම්බන්ධ කිරීමට යොදාගනියි.
eg : kaimono wo shimasu
බඩු මිලදී ගන්නවා
05. ga නිපාතය
කැමති යමක් ගැන, අයිති දෙයක් ගැන කියන විට යොදා ගනු බලයි.
eg : inu ga suki desu
බල්ලට කැමතියි
eg : Ane ga imasu
අක්කා කෙනෙක් ඉන්නවා
eg : pen ga arimasu
පෑනක් තියෙනවා
06. no නිපාතය
තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ, දෙයක අයිතිය කෙලින්ම කියන විට යොදා ගනු බලයි.
eg : watashi no kaban
මගේ බෑගය
eg : haha no tomodachi
මගේ අම්මගේ යාළුවා
eg : kasun san no gakkou
කසුන්ගෙ පාසල
Created By : Admin Showdy 🐺💙
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
> https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A
*✿ Short Notes 📒🔖*
*✿ Study tips & Tricks 🔐📖*
*✿ Study Motives ✒️🖇️*
*✿ Educational resources 🗂️*
*✿ Poll MCQ Questions 📈*
*ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.*