20. ජපන් ජාතිකයින්ගේ නම්

Grade 10 • Sinhala Medium

Success-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9ASuccess-Behind-9A

O/L Japanese short notes

ජපන් භාෂාව

Culture Part

Grade 10


20. ජපන් ජාතිකයින්ගේ නම්


🧬 ජපන් ජාතිකයින්ගේ නම් ආමන්ත්‍රණය කිරීමේදී පෙළපත් නාමය ඉදිරියටත් පුද්ගලික නාමය පසුපසටත් යෙදේ. උදාහරණයක් ලෙස පහත කොහරුගේ නම සෑදී ඇති ආකාරයත් කසුන්ගෙ නම සෑදී ඇති ආකාරයත් බලන්න.


Satō    Koharu

            ↓         ↓

    පෙළපත් නම ‍| පුද්ගලික නම


           Kasun    Perera

            ↓         ↓

    පුද්ගලික නම ‍| පෙළපත් නම 


🧬 ජපන් ජාතික පිරිමි සහ ගැහැණු පුද්ගලයින්ගේ නම් වෙන වෙනම හඳුනා ගැනීමට නමේ අවසාන අතුර උපකාරී වේ.


→ පිරිමි අයගේ ro, o, ta, yo, shi වැනි අකුරු වලින් පුද්ගලික නම අවසන් වේ. (තකයා, ක්යෝෂි, ශින්දෝ, යුකිතො, කසුයා, අකිරා, හයාතො)


→ ගැහැණු අයගේ ko, ku, yu, na, i වැනි අකුරු වලින් පුද්ගලික නම අවසන් වේ. (යුකී, යුයිනා, මිත්සුහා, අයිරි, හනා, මෙයි, සකි, යුආ)


*1. අපි දන්නා දේ පිළිබඳව කතා කරමු*


🍂 ජපානයේ වාසගම් 100,000කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර එ්වා පිය පාර්ශවයෙන් දරුවන්ට උරුම වේ.


🍂 තවද දෙමව්පියන් දරුවන්ට පුද්ගලික නමක් ලබා දෙන්නේ තමා දරුවන් තුළින් බලාපොරොත්තු වන ගුණාංග වලට අනුවයි.


🍂 තවද ජපන් ජාතිකයින් යම් කෙනෙකුට ගෞරවාන්විතයව කතා කිරීමට නම අගට San, Kun, Chan, Sama යන පද යොදයි. 

→ San - මහතා/ මහත්මිය

   ( Karina San - කරීනා මහත්මිය )

   ( Yamada San - යමදා මහතා )

→ Kun - පිරිමි ළමයෙකුට

   ( Takaya Kun )

→ Chan - කුඩා ළමයෙකුට/ ගැහැණු ළමයෙකුට

   ( Maria chan )

→ Sama - පූජක හෝ ඉහළ තනතුරු දරන අයට

   ( Tanaka Sama )


🍂 ‍එමෙන්ම යමෙකුගේ රුචිකත්වය අනුවද කෙනෙකුව ඇමතීමට ජපන් ජාතිකයින් හුරු වී සිටිති.

→ Gamer Kun - වීඩියෝ ගේම්ස් වලට වැඩිපුර කැමති පිරිමි ළමයින්ව

→ Anime Chan - ඇනිමේෂන් වලට වැඩිපුර කැමති ගැහැණු ළමයින්ව


*2. ගැටලු*


(1) ජපානයේ විවිධ වාසගම් තිබේ. වාසගම් කොපමණ ප්‍රමාණයත් තිබේද?

⭕ 100,000කට වඩා වැඩි


(2) පහත නම් අතුරින් ගැහැණු ළමයාගේ සහ පිරිමි ළමයාගෙ නම තෝරන්න.

   → කසුයා - පිරිමි ළමයා

   → යොෂිකො - ගැහැණු ළමයා


(3) ජපන් ජාතිකයින් තමන් ගැන හඳුන්වා දෙන විටදී භාවිත කරනු ලබන්නේ, (වාසගමයි)

⭕ はじめまして。

*さとうです。*

  どうぞよろしく。


(4) කොහරුගේ ගුරුවරයා පාසලේදී කොහරු ආමන්ත්‍රණය කරන්නේ කෙසේද? 

⭕こはるちゃん

⭕こはるさん

⭕さとうさん

 

*3. සාකච්ඡා කරමු* 


*සමානකම්*

・ජපන් ජාතිකයින්‍ගේ සහ ශ්‍රී ලාංකිකයින්ගේ වාසගම් පියාගේ පරම්පරාවෙන් දරුවන් වෙත ලැබෙයි. 

・දෙමව්පියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වන ගුණාංග සහිත නම් ඔවුන්ට ලබා දේ.


*අසමානකම්*

・ජපන් ජාතිකයින්‍ගේ වාසගම නමේ මුලට යෙදෙන අතර ලාංකීය නම්වල වාසගම නමේ පසුපසට යෙදේ.

・සිංහල නම් වල මෙන් ජපන් නම් තුළ මුලකුරු දැකිය නොහැක.


*Admin Showdy 🐺💙*


𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨

https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A


*✿ Short Notes 📒🔖*

*✿ Study tips & Tricks 🔐📖*

*✿ Study Motives ✒️🖇️*

*✿ Educational resources 🗂️*

*✿ Poll MCQ Questions 📈*

*ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.*


āēīōū


Secure Viewer Active

This document is protected with dynamic watermarking. Downloading and printing are disabled to protect our intellectual property. Your access is being logged for security purposes.