ජර්මන් භාෂාවේ හෝඩිය ලතින් අක්ෂර මාලාව මත පදනම් වූවකි. එහි ප්‍රධාන අක්ෂර 26ක් ඇත. ඒවා ඉංග්‍රීසි හෝඩියට සමාන වන අතර A සිට Z දක්වා අක්ෂර ඇතුළත් වේ. එයට අමතරව ජර්මන් භාෂාවේ විශේෂ අක්ෂර කිහිපයක්ද ඇත. ඒවා Ä, Ö, Ü යන උම්ලාවට් (Umlaut) අක්ෂර තුන සහ ß (එස්සෙට්) යන අක්ෂරයයි. මෙම විශේෂ අක්ෂර වචන උච්චාරණය සහ අර්ථය වෙනස් කිරීමට වැදගත් වේ. ජර්මන් භාෂාවේ අක්ෂර උච්චාරණය පැහැදිලි වන අතර නියමිත නීති අනුව කියවිය හැකි බවත් විශේෂ ලක්ෂණයකි.
පහත දක්වා ඇත්තේ ජර්මන් හෝඩියේ අකුරු උච්චාරණය කරන ආකාරයයි.
A – ආ
B – බේ
C – සේ
D – දේ
E – ඒ
F – එෆ්
G – ගේ
H – හා
I – ඊ
J – යොට්
K – කා
L – එල්
M – එම්
N – එන්
O – ඕ
P – පේ
Q – කූ
R – එර්
S – එස්
T – ටේ
U – ඌ
V – ෆාඋ
W – වේ
X – ඉක්ස්
Y – ඉප්සිලෝන්
Z – සෙට්
විශේෂ අකුරු හතර උච්චාරණය කරන ආකාරය.
Ä - ඒහ් ( eh )
Ö - අහ් (âh )
Ü - ඌහ් (ouh)
ẞ - ස්/ශ් (ss/sh)
ADMIN OF GERMAN LANGUAGE - RAKIDU GIMHAN