O/L Japanese short notes
ජපන් භාෂාව
Culture Part
Grade 10
21. අපේ පවුල
1. අපි දන්නා දේ පිළිබඳව කතා කරමු
🧬 අතීතයේ විස්තෘත පවුල් ජපානය තුළ දක්නට ලැබුනු අතර මෑක දශක කිහිපය තුළදී නාගරිකව න්‍යෂ්ටික පවුල් බිහි වී ඇත.
🧬 ජපානයේ අද වන විට පවුලේ මව සහ පියා යන දෙදෙනාම රැකියා වල නිරත වනු දැකිය හැකිය.
🧬 දෙමව්පියන්ට සහ මුතුන් මිත්තන්ට ගෞරව කිරීම ජපන් පවුල් තුළ වන දරැවන් අතර දැකිය හැකි විශේෂ සංස්කෘතික වටිනාකමකි.
🧬 ජපන් ජාතිකයින් නිවෙස් වල පූජාසන තනා පවුලේ මුතුන් මිත්තන්ට, දෙවි වරුන්ට වන්දනා කර ආශිර්වාද ලබා ගනිති.
🧬 පවුලේ සාමාජිකයින් හා එක්ව වසන්තයේදී චෙරි මල් නැරඹිමට යාම, ඔබොන් උත්සවයට ගම් බිම් බලා යාම, වයස් ගත වීමේ දිනය වැනි චාරිත්‍ර වලටද ජපන් ජාතිකයින් එක් වේ.
🧬 නාගරික ප්‍රදේශවල ඉඩකඩ සීමිත බැවින් ජපන් ජාතිකයින් මහල් නිවාස වල වාසය කරති.
🧬 පවුලේ සාමාජිකයින් හා එක්ව වසන්තයේදී චෙරි මල් නැරඹිමට යාම, ඔබොන් උත්සවයට ගම් බිම් බලා යාම වැනි චාරිත්‍ර වලටද ජපන් ජාතිකයින් එක් වේ.
🧬 තවද ජපානයේ යෝජිත විවාහ බහුල අතර සංස්කෘතියට අනුව පවුල් පසුබිම, තත්වය සලකා බලනු ලැබේ.
*2. ගැටලු*
(1) ජපානයේ වැඩිහිටියන් ජීවත් වන්නේ කාත් සමඟද?
⭕ සීයා ආච්චි තනිවයි
(2) ජපානයේ පවුල්වල සාමාජික සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතියි. එසේම දරුවන් සංඛ්‍යාවද අඩුවෙමින් පවතියි. සාමාන්‍යයෙන් ජපානයේ කාන්තාවක් දරුවන් කී දෙනෙක් බිහිකරනවාද?
⭕ 0-1
(3) ඔබේ අම්මාත් තාත්තාත් රැකියාවට යනවාද? ජපානයේ තත්වය කෙසේද?
⭕ දෙදෙනාම රැකියාවට යති.
(4) ජපන් ජාතිකයෝ ලෝකයේ රටවල් අතරින් වඩාත්ම දීර්ඝායුෂ ඇති අය ලෙස හඳුන්වනු ලැබේ. ඔවුන්ගේ ආයු කාලය කොපමණද?
⭕ වයස අවුරුදු 83යි.
*3. සාකච්ඡා කරමු*
🧬 ඉහත කරුණු වලට අදාලව ජපානයේ සහ ශ්‍රී ලංකාවේ සමානකම් හා අසමානකම් සංසදනාත්මකව සාරාංශ ගත කිරීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.
*Admin Showdy 🐺💙*
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A
*✿ Short Notes 📒🔖*
*✿ Study tips & Tricks 🔐📖*
*✿ Study Motives ✒️🖇️*
*✿ Educational resources 🗂️*
*✿ Poll MCQ Questions 📈*
*ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.*
āēīōū